ජීවිත ප්‍රශ්න හා දෙවියන්වහන්සේ
ජීවිතයට ප්‍රශ්න එද්දි අපි අසරණ වෙන වාර අනන්තයි. ඒත් වෙලාවකට ඒ ප්‍රශ්න හරිම සුන්දරයි. ඔයා මම ප්‍රශ්න දිහා බලන්නෙ ඍණාත්මකව. ඒකයි අපිට ඒ ප්‍රශ්න අභියෝග මෙතරම් වේදනාකාරී වෙන්නෙ. නමුත් ප්‍රශ්න එද්දි අපි ඒක ධනාත්මකව භාර ගන්නවනම් ඇතැම් විට ඔබට ඔතරම් වේදනාකාරී හැගීමක් නොදැනෙන්න පුළුවන් . නමුත් ජීවිතය කියන්නෙම ප්‍රශ්න පත්තරයක් කියලා හිතන මිනිස්සුන්ට නම් ජීවිතයට ලැබෙන හැම අභියෝගයක්ම ප්‍රශ්නයක්. එයාලා කරන්නේ ඒ හැම ප්‍රශ්නයකටම දෙවියන්වහන්සේට දොස් කියන එක. උන්වහන්සේගේ සර්වබලධාරීත්වය ප්‍රශ්න කරන එක.ඉතින් එහෙම කරන්න අපි කවුද ?දෙවියන්වහන්සේ තමයි ඔයාගෙ මගේ ජීවිතයේ හිමිකරු. අපි ගත කරන්නෙ අපිට අයිති නැති ජීවිතයක්. ඉතින් ඔයා මම දෙවියන්වහන්සේට දොස් කියමින් මේ කරන්නේ බරපතළ පාපයක් . දෙවියන්වහන්සේ අපි වෙනුවෙන් කරන හැම දෙයක්ම ඔයාට, මට ප්‍රශ්න එද්දි අපි අමතක කරලා උන්වහන්සේට දොස් කියනවනම් , වෙනත් විශ්වාසයන් පසුපස අපි යනවනම් අපේ කතෝලිකකමින් ඵලක් තියෙනව ද ? ඔයා ඔයාගෙන්ම ප්‍රශ්න කරලා බලන්න. ඔයාටම උත්තරයක් ලැබෙයි. දෙවියන්වහන්සේට ළංවෙන්න එවිට උන්වහන්සේ ද ඔබට ළංවෙන සේක. ඔයාට ප්‍රශ්න එද්දි උන්වහන්සේව දාලා යන්න එපා. මොකද අපේ දේව තාත්තා අපිට ගොඩක් ආදරය කරනවා. ඒ ආදරය විදින්න ගත්තම ඔයා ජේසු විදපු දුක සිහි කරලා ඔයාට එන ප්‍රශ්න සතුටින් භාරගන්න පුරුදු වෙයි. ඔයා, මම දෙවියන්වහන්සේගේ දරුවන් . කරුණාවන්ත පියාණන් අපට අනුකම්පා කරන සේක. අභියෝග වලට සතුටින් මුහුණ දෙන්න. ජීවිතයට අවශ්‍ය ශක්තිය ඉල්ලා සර්වබලධාරී දෙවියන්වහන්සේට නිතරම යාච්ඤා කරන්න . ජේසුට ළංවෙන්න .
Comments