එකම උත්තරයයි ඒ ජේසු
ප්‍රශ්න වලින් මිරිකිලා හෙම්බත් වෙලා ඉන්න ඔයාගෙ මගේ ජීවිතයට, සැනසීමක් හොයන ඔයාගෙ මගේ හිතට එකම උත්තරය ඔයාගෙ මගේ මුළු ජීවිතයම වුණ ජේසු සමිදාණෝ..
විශ්වාස කරන්න උන්වහන්සේව ඔයාගෙ මුළු ඇදහිල්ලෙන්ම...
ජීවිත් කරවන්න උන්වහන්සේව ඔයාගෙ මුළු ජීවිතයෙන්ම...
ආදරය කරන්න උන්වහන්සේට ඔාගෙ මුළු හදවතින්ම...
කතා කරන්න උන්වහන්සේට ඔාට පුළුවන් හැම වෙලාවෙම...
ටිකක් හිතන්න.. සත්ප්‍රසාදවහන්සේ තුළ ඔයා මම වෙනුවෙන් ඔයාගෙ මගේ ආදර ජේසු සමිදුන් දිවා රෑ දෙකෙහිම සුදෝ සුදු පූපයක් ආකාරයෙන් ජීවමානව වැඩ සිටින බව..
සිතන්න... මගේ ගැලවීම වෙනුවෙන් ජේසු සමිදුන් මිනිසත් බව ගෙන මෙලොවට වැඩම කර උන්වහන්සේ ප්‍රාණය පූජා කළ බව ... දුක් සාගරයක් විදි බව...
හිතන්න... උන්වහන්සේ උපන්නේ මාලිගාවක නොව දිලිසු ලෙසින් ගවලෙනක බව...
සිතන්න ... උන්වහන්සේ අප වෙනුවෙන් නොකල යමක් නැති බව....
මේ හැමදෙයක්ම උන්වහන්සේ කලේ ඔයා මම වෙනුවෙන් කියලා ඔයාගෙ මගේ හදවතට තදින්ම දැනෙන්න ඕන..
එහෙනම් උන්වහන්සේ අප වෙනුවෙන් වින්ද මහා දුක් සාගරය එක්ක බලන කොට ඔයා මම විදින දුක, දුකක් නෙවෙයි ... අභියෝගයක් පමණමයි..
ජේසු සමිදුන්ගේ ඒ දුක් වේදනා සිහි කරලා ඔයාගෙ ප්‍රශ්නය උන්වහන්සේගේ කුරුස පාමුල තියලා විශ්වාසයෙන්, ඇදහිල්ලෙන් නොකඩවා යාච්ඤා කරන්න .....
සත්තයි... ඔයාට පිලිතුරක් ලැබෙනවාමයි.. ඒත් ඒ ඔයා කැමති වෙලාව තුළ නෙවෙයි .. උන්වහන්සේ කැමති වෙලාවෙදි. හරි දේ හරිම වෙලාවට උන්වහන්සේ ඔබට මට දෙනවා.
ඇදහිල්ල තුළ ජීවිත් වෙන්න.
ඔයාගෙ ජීවිතයේ අංක 1 ජේසු සමිදාණන් කරගන්න..
ජේසු තමා මාර්ගයත්,ජීවනයත්,සත්‍යයත්..
ජේසු තමා ලෝකයේ ආලෝකය..
ජේසු තමා සැබෑ මිදිවැල.. ඔබ මම තමා අතු.. ඉතින් අත්ත මිදිවැලට යා වී නැත්තම් වෙන්ව පල දරන්නට බෑ . .. ඒ වගේම අපි උන්වහන්සේ එක්ක සම්බන්ධතාවය නැත්නම් අපේ ජීවිතය තුළ අපටත් පල දරන්න බෑ..
ජේසුට ළංවෙන්න ...❤️🌹
ඔයාලා හැමෝටම ජේසු පිහිටයි !
-------------- පෝස්ට් එක ඔයාලගෙ ජීවිතයට වටිනාකමක් තියෙනවා කියලා දැනෙනවනම්, මේ පෝස්ට් එකෙන් ජේසු ඔයාට කතා.කරානම් ඔයා තවත් කෙනෙක්ට ජේසුව දෙන්න මේ පෝස්ට් එක ෂෙයා කරන්න . ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න --------
Comments