Posts

Showing posts with the label මරියතුමියට කතෝලික සභාව මෙතරම් ගරු කරන්නේ කුමක් නිසාද ?

මරියතුමියට කතෝලික සභාව මෙතරම් ගරු කරන්නේ කුමක් නිසාද ?

 මරියතුමියට කතෝලික සභාව මෙතරම් ගරු කරන්නේ කුමක් නිසාද ? දෙවියන්වහන්සේම ඈ මව කොට තෝරාගෙන ගරු කළ නිසා කතෝලික සභාව ද ඇයට ගරු කරන්නේ ය. කිතු සමිදුන්ගේ මව වීමේ භාග්‍ය හේතුකොට⁣ ගෙන මිනිස් සංහතියේ කිසිවකු නොලත් වරමක් මරියෝත්තමාවනට  හිමිවිය.⁣ මේ නිසා, දේවත්වයත් මනුෂ්‍යත්වයත් තමන් තුළ ඒකාබද්ධ කළ කිතු සමිදුන් ළගට උසස්ම ගෞරවය හිමි වනුයේ මරියෝත්තමාවනට ය. දේව සැලැස්ම අනුව උපතේ දී ද විපතේදී ද ඕතොමෝ සමිදුනට ඉතා සමීපව සිටියාය. එතුමියට ගරු කිරීමෙන් අප කරනුයේ දේව සැලැස්මට එකග වීමකි.  අපි මරියෝත්තමාවනට ගරු කළත් එතුමිය අදහා වැදුම් පිදුම් නොකරමු. ඇදහීම් හා වැදුම් පිදුම් හිමි වනුයේ දෙවිදුනට පමණි. (උපුටාගැනීම අගරදගුරු ඔස්වල්ඩ්  ගෝමිස් අගරදගුරු තුමන්ගේ මහෝපදේශය  ග්‍රන්ථයෙනි.)