Posts

මූලධර්මවාදීන් විකෘති කරන මරිය මාතා බැතිය

Image
⭕⭕ මූලධර්මවාදීන්  විසින්  විකෘති කරන මරිය මාතාවන්ගේ මැදිහත්වීම ⭕⭕ ✳️මෙම මැදිහත්කරුවාණන් පිලිබද අදහස  ශුද්ධ  බයිබලය තුළ සදහන් වන්නේ මෙසේය. "ඇත්තේ එක ම දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එක ම මැදිහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය."          (1 තිමෝති 2:5 NRSV) 〽️මූලධර්මවාදීන්  විසින්  නව  ගිවිසුම  රචනා  වූ  මුල්  භාෂාව  අමතක කර  කතෝලික  සභාවට  මඩ ගැසීමට  මෙම  ශුද්ධ  ලියවිලි  පාඨය ඉතාමත්  පහත්  ලෙස භාවිතා  කිරීම කනගාටුවට කරුණකි. ඔවුන්  මේ  පාඨය හරහා  දේවමතාවන්  වන මරිය තුමියගේ මැදිහත් යාච්ඤා පිහිට ඉල්ලීම විවේචනයට බදුන් කරයි . එම විකෘති විවේචන පෙන්වා දීම මෙම ලිපියේ  අරමුණයි.  〽️මැදිහත්කාරකම  ශුද්ධ  ලියවිල්ලේ පුරාණ  සහ නව ගිවිසුම  තුළ   දෙයාකාරයකින් සදහන් වේ.   එනම් ;  (1) ලේ වලින්  අපේ ගැලවීම  දීම, සඳහා  මධ්‍යස්ථකාරයා  වන ජේසුතුමන්ගේ  මැදහත්කාරකම ( Mediator ) (2) අප වෙනුවෙන්  යැදුමෙන්   මැදිහත්වන්නා (Intercessor) යන දෙයාකාරයි. දැන් අප  මේ දෙයාකාර මැදිහත්කම   වෙනම  වෙනම  සසදා  බලමු  . 🥀🥀 මැදිහත්කරු  (Mediator )🥀🥀 "එසේ නම්,

එකම උත්තරයයි ඒ ජේසු

 ප්‍රශ්න වලින් මිරිකිලා  හෙම්බත් වෙලා ඉන්න ඔයාගෙ මගේ ජීවිතයට,  සැනසීමක් හොයන ඔයාගෙ මගේ හිතට එකම උත්තරය ඔයාගෙ මගේ මුළු ජීවිතයම වුණ ජේසු ⁣සමිදාණෝ.. විශ්වාස කරන්න උන්වහන්සේව ඔයාගෙ මුළු ඇදහිල්ලෙන්ම... ජීවිත් කරවන්න උන්වහන්සේව ඔයාගෙ මුළු ජීවිතයෙන්ම... ආදරය කරන්න උන්වහන්සේට ඔාගෙ මුළු හදවතින්ම... කතා කරන්න උන්වහන්සේට ඔාට පුළුවන් හැම වෙලාවෙම... ටිකක් හිතන්න..  සත්ප්‍රසාදවහන්සේ තුළ ඔයා මම වෙනුවෙන් ⁣ඔයාගෙ මගේ ආදර ජේසු සමිදුන් දිවා රෑ දෙකෙහිම සුදෝ සුදු පූපයක් ආකාරයෙන් ජීවමානව වැඩ සිටින බව.. සිතන්න... මගේ ගැලවීම වෙනුවෙන් ජේසු සමිදුන් මිනිසත් බව ගෙන මෙලොවට වැඩම කර උන්වහන්සේ ප්‍රාණය පූජා කළ බව ... දුක් සාගරයක් විදි බව... හිතන්න... උන්වහන්සේ උපන්නේ මාලිගාවක නොව දිලිසු ලෙසින් ගවලෙනක බව... සිතන්න ... උන්වහන්සේ අප වෙනුවෙන් නොකල යමක් නැති බව.... මේ හැමදෙයක්ම උන්වහන්සේ කලේ ඔයා  මම වෙනුවෙන් කියලා ඔයාගෙ මගේ හදවතට තදින්ම දැනෙන්න ඕන.. එහෙනම් උන්වහන්සේ අප වෙනුවෙන් වින්ද මහා දුක් සාගරය එක්ක බලන කොට ඔයා මම විදින දුක, දුකක් නෙවෙයි ... අභියෝගයක් පමණමයි..  ජේසු සමිදුන්ගේ ඒ දුක් වේදනා සිහි කරලා ඔයාගෙ ප්‍රශ්නය උන්වහන

පළමු දේව පණත - දේව වන්දනාව

                      පළමු දේව පණත                        දේව වන්දනාව ----------------------------------------------------------------------- හැදින්වීම ? කිතු  දහම අනුව මුළු විශ්වයට අධිපති වූ ද එයට හේතු වූ ද එකම පුද්ගලයෙක් සිටී. සර්වබලධාර ඒ තැනැන්වහන්සේ සියල්ල දන්නා සේක. සියල්ල මෙහෙයවමින් පාලනය කරන සේක. එතුමනට සමාන කිසිවෙක් නැත.  කිතු දහමේ හදුන්වා දෙන දෙවි මහෝත්තමයාණෝ සර්වබලධාරයහ, සර්වඥානයෙන් යුක්තයහ,සර්වකාලිකයහ.එතුමනට ආරම්භයක් හෝ අවසානයක් හෝ නොමැත,සීමාවක් නොමැත. සියලු දෙයට නායකයාණෝ ඔවුන්වහන්සේමය.  මෙවැනි පුද්ගලයකු සිටිය යුතු බව විශ්වයේ සියුම් සැලැස්ම විග්‍රහ කර බලන කළ පෙනී යයි. හේතුප්‍රත්‍යය අනුව අනිත්‍ය යමක් මෙහෙයවනු ලබන්නට නිත්‍ය යමකු සිටිය යුතුය. විශ්වය තුළ සියල්ල අනිත්‍යය. එසේනම් ඉන් බැහැරව ක්‍රියා කරන තැනැන්වහන්සේ නිත්‍ය ය. එසේ හෙයින් එතුමාණෝ අසමසමයහ. එතුමාණෝ පමණක් දෙවියෝ ය.  මේ අනුව කිතු දහමේ දෙවිවරු නොවෙති. ඇත්තේ එකම දෙවියෝය.    උත්පත්ති 17/1    නික්මයාම 3/14    නික්මයාම 20/2,5    නික්මයාම 10/17    ජෙරමියස් 10/10    මතෙව් 19/26    ලූක් 18/27    දානියෙල් 2/47 පළමු දේව පණත කිමෙක්

ජීවිත ප්‍රශ්න හා දෙවියන්වහන්සේ

 ජීවිතයට ප්‍රශ්න එද්දි අපි අසරණ වෙන වාර අනන්තයි. ඒත් වෙලාවකට ඒ ප්‍රශ්න හරිම සුන්දරයි. ඔයා මම ප්‍රශ්න දිහා බලන්නෙ ඍණාත්මකව. ඒකයි අපිට ඒ ප්‍රශ්න අභියෝග මෙතරම් වේදනාකාරී වෙන්නෙ. නමුත් ප්‍රශ්න එද්දි අපි ඒක ධනාත්මකව භාර ගන්නවනම් ඇතැම් විට ඔබට ඔතරම් වේදනාකාරී හැගීමක් නොදැනෙන්න පුළුවන් . නමුත් ජීවිතය කියන්නෙම ප්‍රශ්න පත්තරයක් කියලා හිතන මිනිස්සුන්ට නම් ජීවිතයට ලැබෙන හැම අභියෝගයක්ම ප්‍රශ්නයක්. එයාලා කරන්නේ ඒ හැම ප්‍රශ්නයකටම දෙවියන්වහන්සේට දොස් කියන එක.  උන්වහන්සේගේ සර්වබලධාරීත්වය ප්‍රශ්න කරන එක.ඉතින් එහෙම කරන්න අපි කවුද ?දෙවියන්වහන්සේ තමයි ඔයාගෙ මගේ ජීවිතයේ හිමිකරු. අපි ගත කරන්නෙ අපිට අයිති නැති ජීවිතයක්. ඉතින් ඔයා මම දෙවියන්වහන්සේට දොස් කියමින් මේ කරන්නේ බරපතළ පාපයක් . දෙවියන්වහන්සේ අපි වෙනුවෙන් කරන හැම දෙයක්ම ඔයාට, මට ප්‍රශ්න එද්දි අපි අමතක කරලා උන්වහන්සේට දොස් කියනවනම් , වෙනත් විශ්වාසයන් පසුපස අපි යනවනම් අපේ කතෝලිකකමින් ඵලක් තියෙනව ද ? ඔයා ඔයාගෙන්ම ප්‍රශ්න කරලා බලන්න. ඔයාටම උත්තරයක් ලැබෙයි. දෙවියන්වහන්සේට ළංවෙන්න එවිට උන්වහන්සේ ද ඔබට ළංවෙන සේක. ඔයාට ප්‍රශ්න එද්දි උන්වහන්සේව දාලා යන්න එපා. ම

මරියතුමියට කතෝලික සභාව මෙතරම් ගරු කරන්නේ කුමක් නිසාද ?

 මරියතුමියට කතෝලික සභාව මෙතරම් ගරු කරන්නේ කුමක් නිසාද ? දෙවියන්වහන්සේම ඈ මව කොට තෝරාගෙන ගරු කළ නිසා කතෝලික සභාව ද ඇයට ගරු කරන්නේ ය. කිතු සමිදුන්ගේ මව වීමේ භාග්‍ය හේතුකොට⁣ ගෙන මිනිස් සංහතියේ කිසිවකු නොලත් වරමක් මරියෝත්තමාවනට  හිමිවිය.⁣ මේ නිසා, දේවත්වයත් මනුෂ්‍යත්වයත් තමන් තුළ ඒකාබද්ධ කළ කිතු සමිදුන් ළගට උසස්ම ගෞරවය හිමි වනුයේ මරියෝත්තමාවනට ය. දේව සැලැස්ම අනුව උපතේ දී ද විපතේදී ද ඕතොමෝ සමිදුනට ඉතා සමීපව සිටියාය. එතුමියට ගරු කිරීමෙන් අප කරනුයේ දේව සැලැස්මට එකග වීමකි.  අපි මරියෝත්තමාවනට ගරු කළත් එතුමිය අදහා වැදුම් පිදුම් නොකරමු. ඇදහීම් හා වැදුම් පිදුම් හිමි වනුයේ දෙවිදුනට පමණි. (උපුටාගැනීම අගරදගුරු ඔස්වල්ඩ්  ගෝමිස් අගරදගුරු තුමන්ගේ මහෝපදේශය  ග්‍රන්ථයෙනි.)