පළමු දේව පණත - දේව වන්දනාව
පළමු දේව පණත දේව වන්දනාව ----------------------------------------------------------------------- හැදින්වීම ? කිතු දහම අනුව මුළු විශ්වයට අධිපති වූ ද එයට හේතු වූ ද එකම පුද්ගලයෙක් සිටී. සර්වබලධාර ඒ තැනැන්වහන්සේ සියල්ල දන්නා සේක. සියල්ල මෙහෙයවමින් පාලනය කරන සේක. එතුමනට සමාන කිසිවෙක් නැත. කිතු දහමේ හදුන්වා දෙන දෙවි මහෝත්තමයාණෝ සර්වබලධාරයහ, සර්වඥානයෙන් යුක්තයහ,සර්වකාලිකයහ.එතුමනට ආරම්භයක් හෝ අවසානයක් හෝ නොමැත,සීමාවක් නොමැත. සියලු දෙයට නායකයාණෝ ඔවුන්වහන්සේමය. මෙවැනි පුද්ගලයකු සිටිය යුතු බව විශ්වයේ සියුම් සැලැස්ම විග්‍රහ කර බලන කළ පෙනී යයි. හේතුප්‍රත්‍යය අනුව අනිත්‍ය යමක් මෙහෙයවනු ලබන්නට නිත්‍ය යමකු සිටිය යුතුය. විශ්වය තුළ සියල්ල අනිත්‍යය. එසේනම් ඉන් බැහැරව ක්‍රියා කරන තැනැන්වහන්සේ නිත්‍ය ය. එසේ හෙයින් එතුමාණෝ අසමසමයහ. එතුමාණෝ පමණක් දෙවියෝ ය. මේ අනුව කිතු දහමේ දෙවිවරු නොවෙති. ඇත්තේ එකම දෙවියෝය. උත්පත්ත...