Posts

Showing posts from December, 2020

පළමු දේව පණත - දේව වන්දනාව

                      පළමු දේව පණත                        දේව වන්දනාව ----------------------------------------------------------------------- හැදින්වීම ? කිතු  දහම අනුව මුළු විශ්වයට අධිපති වූ ද එයට හේතු වූ ද එකම පුද්ගලයෙක් සිටී. සර්වබලධාර ඒ තැනැන්වහන්සේ සියල්ල දන්නා සේක. සියල්ල මෙහෙයවමින් පාලනය කරන සේක. එතුමනට සමාන කිසිවෙක් නැත.  කිතු දහමේ හදුන්වා දෙන දෙවි මහෝත්තමයාණෝ සර්වබලධාරයහ, සර්වඥානයෙන් යුක්තයහ,සර්වකාලිකයහ.එතුමනට ආරම්භයක් හෝ අවසානයක් හෝ නොමැත,සීමාවක් නොමැත. සියලු දෙයට නායකයාණෝ ඔවුන්වහන්සේමය.  මෙවැනි පුද්ගලයකු සිටිය යුතු බව විශ්වයේ සියුම් සැලැස්ම විග්‍රහ කර බලන කළ පෙනී යයි. හේතුප්‍රත්‍යය අනුව අනිත්‍ය යමක් මෙහෙයවනු ලබන්නට නිත්‍ය යමකු සිටිය යුතුය. විශ්වය තුළ සියල්ල අනිත්‍යය. එසේනම් ඉන් බැහැරව ක්‍රියා කරන තැනැන්වහන්සේ නිත්‍ය ය. එසේ හෙයින් එතුමාණෝ අසමසමයහ. එතුමාණෝ පමණක් දෙවියෝ ය.  මේ අනුව කිතු දහමේ දෙවිවරු නොවෙති. ඇත්තේ එකම දෙවියෝය.    උත්පත්ත...

ජීවිත ප්‍රශ්න හා දෙවියන්වහන්සේ

 ජීවිතයට ප්‍රශ්න එද්දි අපි අසරණ වෙන වාර අනන්තයි. ඒත් වෙලාවකට ඒ ප්‍රශ්න හරිම සුන්දරයි. ඔයා මම ප්‍රශ්න දිහා බලන්නෙ ඍණාත්මකව. ඒකයි අපිට ඒ ප්‍රශ්න අභියෝග මෙතරම් වේදනාකාරී වෙන්නෙ. නමුත් ප්‍රශ්න එද්දි අපි ඒක ධනාත්මකව භාර ගන්නවනම් ඇතැම් විට ඔබට ඔතරම් වේදනාකාරී හැගීමක් නොදැනෙන්න පුළුවන් . නමුත් ජීවිතය කියන්නෙම ප්‍රශ්න පත්තරයක් කියලා හිතන මිනිස්සුන්ට නම් ජීවිතයට ලැබෙන හැම අභියෝගයක්ම ප්‍රශ්නයක්. එයාලා කරන්නේ ඒ හැම ප්‍රශ්නයකටම දෙවියන්වහන්සේට දොස් කියන එක.  උන්වහන්සේගේ සර්වබලධාරීත්වය ප්‍රශ්න කරන එක.ඉතින් එහෙම කරන්න අපි කවුද ?දෙවියන්වහන්සේ තමයි ඔයාගෙ මගේ ජීවිතයේ හිමිකරු. අපි ගත කරන්නෙ අපිට අයිති නැති ජීවිතයක්. ඉතින් ඔයා මම දෙවියන්වහන්සේට දොස් කියමින් මේ කරන්නේ බරපතළ පාපයක් . දෙවියන්වහන්සේ අපි වෙනුවෙන් කරන හැම දෙයක්ම ඔයාට, මට ප්‍රශ්න එද්දි අපි අමතක කරලා උන්වහන්සේට දොස් කියනවනම් , වෙනත් විශ්වාසයන් පසුපස අපි යනවනම් අපේ කතෝලිකකමින් ඵලක් තියෙනව ද ? ඔයා ඔයාගෙන්ම ප්‍රශ්න කරලා බලන්න. ඔයාටම උත්තරයක් ලැබෙයි. දෙවියන්වහන්සේට ළංවෙන්න එවිට උන්වහන්සේ ද ඔබට ළංවෙන සේක. ඔයාට ප්‍රශ්න එද්දි උන්වහන්සේව දාලා යන...

මරියතුමියට කතෝලික සභාව මෙතරම් ගරු කරන්නේ කුමක් නිසාද ?

 මරියතුමියට කතෝලික සභාව මෙතරම් ගරු කරන්නේ කුමක් නිසාද ? දෙවියන්වහන්සේම ඈ මව කොට තෝරාගෙන ගරු කළ නිසා කතෝලික සභාව ද ඇයට ගරු කරන්නේ ය. කිතු සමිදුන්ගේ මව වීමේ භාග්‍ය හේතුකොට⁣ ගෙන මිනිස් සංහතියේ කිසිවකු නොලත් වරමක් මරියෝත්තමාවනට  හිමිවිය.⁣ මේ නිසා, දේවත්වයත් මනුෂ්‍යත්වයත් තමන් තුළ ඒකාබද්ධ කළ කිතු සමිදුන් ළගට උසස්ම ගෞරවය හිමි වනුයේ මරියෝත්තමාවනට ය. දේව සැලැස්ම අනුව උපතේ දී ද විපතේදී ද ඕතොමෝ සමිදුනට ඉතා සමීපව සිටියාය. එතුමියට ගරු කිරීමෙන් අප කරනුයේ දේව සැලැස්මට එකග වීමකි.  අපි මරියෝත්තමාවනට ගරු කළත් එතුමිය අදහා වැදුම් පිදුම් නොකරමු. ඇදහීම් හා වැදුම් පිදුම් හිමි වනුයේ දෙවිදුනට පමණි. (උපුටාගැනීම අගරදගුරු ඔස්වල්ඩ්  ගෝමිස් අගරදගුරු තුමන්ගේ මහෝපදේශය  ග්‍රන්ථයෙනි.)